”මං විතරක්” කියන්නේ මගේ දෙවනි නාට්‍යය නිර්මාණය. පළමුවෙන්ම මම කෙටි නාට්‍යයක් කළා. ඒ නාට්‍ය නිර්මාණය තමයි ”කටගැස්ම වී මා” ඒ නිර්මාණය රාජ්‍ය නාට්‍ය උළෙල සමස්ත ලංකා අවසාන 10 දක්වා තේරීපත් වුණා. ඒ වෙනුවෙන් මට සම්මානයකුත් ලැබුණා.
මගේ දෙවනි නිර්මාණය ”මං විතරක්” එය සමන් ජයසිංහ මහත්මයගෙ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක කරන්නෙ. ඔහු නිෂ්පාදන දායකත්වය ලබාදුන් නිසා තමයි මට මේ අධ්‍යක්ෂණය කරන්න පහසු වුණේ. නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ලේසියි. ඒත් එය එළියට ගෙනියන්න ගොඩක් අමාරුයි. කාන්තාවෝ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරනවත් හරි අඩුයි. ඒ නිසා මට හිතුණා ඒ පැත්තට යොමු වුණොත් හොඳයි කියලා.
මේ නාට්‍යය සමාජය තුළ සිදුවන යම් යම් සිද්ධීන් ගණනාවක් මුල් කර ගනිමින් නිර්මාණය කෙරුණු ජීවන යථාර්ථය පිළිබිඹු කරන නාට්‍යයක්. බාහිරින් පෙනෙන ස්වභාවය ඉක්මවා ගිය සැඟවුණු යථාර්ථය සෙවීමට සමාජය උත්සහ දරන්නේ නෑ. දෑසට පෙනෙන දෙය, ඇසෙන දෙය පමණක්ම නිවැරදිය යන මතය තුළ සිට නිකරුනේ චෝදනා නැගීමෙන් ජීවත්ව සිටින මිනිසුන්ගේ ජීවිත මැරි මැරී ජීවත් වන අප‍්‍රාණිකයන් බවට පත් කරනවා. කෙසේ හෝ සත්‍ය සොයා නිවැරදි වන විට අඬ බෙර වයා ප‍්‍රවෘත්ති ඵල කරලා හමාරයි. ඒ වගේම එවිට ජීවත්ව සිටි මිනිසුන්ට නැවත මහපොළොව මත පය ගසා නැගිටින්නට වාරු අහිමි වීත් හමාරයි. ඒ හැමදේම මුල් කරගෙන සමාජ අත්දැකීමක් ලෙස තමයි මේ නාට්‍යය නිර්මාණය කළේ.
ඒ සඳහා රංගනයෙන් තිළිණි මුණසිංහ, පේ‍්‍රමවංශ, අමිල, අශෝක, චන්ද්‍රපාල සහ මම දායක වෙනවා. සංගීතයෙන් චමිල සුරංග, ආලෝකකරණය මංජුල, ශබ්ද පරිපාලනය තරිඳු රාමනායක, වේදිකා පසුතල සිරිමල්, වේශ නිරූපණය ක‍්‍රිෂාන් සහ ඇඳුම් නිර්මාණයෙන් තිළිණි මුණසිංහ සහය වුණා.
ඒ හැමෝමත් මේ අවස්ථාවෙ මතක් කරන්න ඕන.
අවසාන වශයෙන් ඔබ ගැන කෙටි විස්තරයක් කරමු.
මම නාට්‍ය අධ්‍යක්ෂිකාව ලෙස වැඩ කරන අතරතුර නාට්‍ය හා රංග කලාවත්, නර්ථනයත් උගන්වනවා. මේ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව ශාස්ත‍්‍රවේදී උපාධිය හදාරලා ඉන්නේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පසුව තමයි නාට්‍ය හා රංග කලාවට ප‍්‍රවිශ්ඨ වෙලා නාට්‍ය අධ්‍යක්ෂණය කරගෙන යන්නේ.
දර්ශන විමසීම් - 0724041521
ධනූ විජේරත්න