හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි ව මෙතෙක් කිසිදු චෝදනාවක් රජය විසින් ගොනු කර නැති බවත්, සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රාථමික මට්ටමෙන් පැවැත්වෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
රටේ සිදු වු මුල්‍ය දුෂණ වංචා දැන්වත් අවසන් කළ යුතු හෙයින් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් ප්‍රතිපත්තිමය තීරණය මත මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය පිහිට වු බව ද එම කොට්ඨාශය සඳහා පොලිස්පතිවරයාට පුර්ණ බලය පවතින බවද ඔහු කීවේය.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලු අවස්ථාවේ අතිරේක සොලිස්ටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැක්විය.
රටේ යම් පුද්ගලයකු අත් අඩංගුවට ගන්නේ නෑ. අදාළ විමර්ශන නිලධාරින්ගේ නීතිමය නිර්දේශ මත මිස කැබිනට් මණ්ඩලයෙන් මැදිහත් විමකින් නොවන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කීවේය.

