අපරාධකරුවන් හඳුනාගැනීමේ ඩී.එන්.ඒ. ජාන රටාදත්ත බැංකුවක් ජීන් ටෙක් ආයතනය ස්ථාපිතකොට ඇති බව එහි විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා පවසයි.
වසර 12ක් තිස්සේ ජීන් ටෙක් ආයතනය අපරාධකරුවන් ගණනකගෙන් ලබාගත් ඩී.එන්.ඒ. රටා ආශ්‍රයෙන් මෙම බැංකුව ගොඩනගා ඇතැයිද ඒ මහතා කියයි.
අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිසියට සහායවීම සඳහා මෙම දත්ත බැංකුව ප්‍රයෝජනවත් වනු ඇතැයිද අපරාධයකදී ඩී.එන්.ඒ පරීක්ෂණයකින් පසු එම අපරාධය සිදුකළ අපරාධකරු මීට පෙරද අපරාධයක් සිදුකර ඇත්නම් පහසුවෙන් දත්ත බැංකුවේ ඩී.එන්.ඒ රටා සමග සැසඳීමෙන් හෙළි කර ගත හැකියැයිද ඉලේපෙරුම මහතා පවසයි. වසර 12 ක් පුරා සිදුකළ අපරාධ ඔස්සේ හඳුනාගත් අපරාධකරුවන් 3500 කගේ පමණ ඩී.එන්.ඒ. රටා පරිගණකගත කොට බැංකුවේ අන්තර්ගතකොට තිබීම අපරාධකරුවන් හඳුනාගැනීමට උපකාරීවන බවද ඒ මහතා සඳහන් කරයි.

