
(පාලිත ආරියවංශ )
ඇල්ල දුම්රිය ස්ථානය දෙස සිට ආරුක්කු 9 පාලම දෙසට ව්‍යාපත්වන ගින්නක් පාලනය කිරීමසදහා යුදහමුදාව පොලිසිය හා ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරමින් සිටිති .
උදෑසනන සිට ගින්න පවතින බව ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපෙන්ද්‍ර අබේගුණවර්ධන මහතා පැවසීය .
ගින්න දුම්රිය මාර්ගය දක්වා පැතිර යන අතර පයිනස් වගාවේ ගින්න හටගෙන තිබේ .
ගින්න නිවිම සදහා යුද හමුදා ගුවන් යානා යෙදවිමට කටයුතු කරගෙන යන බව ආපදාකලමණාකරණ නිළධාරියෙක් පැවසීය

