ආරියදාස සිල්වා අනුස්මරණ බැඞ්මින්ටන් තරගාවලිය කල්යයි


මේ මස 27 වැනිදා සිට 30 වැනිදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රධාන පෙළේ බැඞ්මින්ටන් තරගාවලියක් වන ආරියදාස සිල්වා අනුස්මරණ විවෘත බැඞ්මින්ටන් තරගාවලිය සැප්තැම්බර් මස 3 දක්වා කල් දමා තිබේ. එම තරගාවලිය සැප්තැම්බර් මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදීම පැවැත්වීමට නියමිතය.

තරගාවලිය පසුගිය 27 වැනිදා ආරම්භ වූයේ නම් ආසියාතික කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහ සංවර්ධන පුහුණු කඳවුරට සහභාගීවන කණිෂ්ඨ බැඞ්මින්ටන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙම තරගාවලියට සහභාගි විය නොහැකි බැවින් කනිෂ්ඨ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ටත් ඊට සහභාගිවිය හැකි අයුරින් තරගාවලිය කල්දැමූ බව බැඞ්මින්ටන් සංගමය නිවේදනය කරයි.

මෙම තරගාවලිය ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන බැවින් ආසියාතික කණිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියට සහ සංවර්ධන පුහුණු කඳවුරට සහභාගීවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් තොරව එය පැවැත්වුවහොත් ශ්‍රේණිත කිරීමේදී එම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අසාධාරණයක් වන බවද බැඞ්මින්ටන් සංගමය පවසයි.

(*)