වෙරෝනා නුවර තෙආත්‍රෝ ස්තිමතෝ ශාලාවේ පැවැත්වෙන හෙළ මියැසි ගී රාවය 2014 ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට ඉතාලියට පැමිණි ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂක ආචාර්ය රෝහණ වීරසිංහ මහතා වෙරෝනාහි පදිංචි ශ‍්‍රී ලාංකික දරු දැරියන් සංගීතය පුහුණුවන ස්ථානයට ඊයේ(21) ගොස් ඔවුනගේ පුහුණු වීම් සදහා සහයවෙමින් ඔවුන් දිරිමත් කළේය.
විදේශ ගතව සිටිමින් නොයෙකුත් දුෂ්කරතා මැද අර්ථවත් සම්භාව්‍ය සංගීතයේ මිහිර විදිමින් දේශීය සංගීත භාන්ඩ පුරුදු වන මෙම දරු දැරියන් පුහුණු වීම් කටයුතු කරන්නේ වෙරෝනා නුවර ප‍්‍රධාන පාපන්දු ක‍්‍රීඩාංගනය අසල පිහිටි කුඩා ගරාජයකය.
දැඩි සීතලෙන් මිදීම සදහා ඔවුන් සිය පුහුණු වීම් කටයුතු කිරීමට මෙම ගරාජය තෝරාගෙන ඇත. ඔවුන් ගරාජයට ගොස් දොර වසාගනි.
රෝහණ වීරසිංහ මහතාද එහිදී දරු දැරියන් සමග ගී ගයමින් පුහුණු වීම් මහත් උනන්දුවකින් සිදු කළේය.
දේශීය සම්භාව්‍ය සංගීතය රැක ගැනීමට වෙහෙසෙන මෙම ලක් දුපුතුනගේ ගෙන යන උත්සාහයට රෝහණ වීරසිංහ මහතාගේ ආගමනය අගය කළ එහි වෙසෙන ලාංකිකයෝ එය ඉතා ගෞවරවයක් කොට සැලකූහ.
එම දරු දැරියන් පැවසුවේ රෝහණ වීරසිංහයන් වැනි ප‍්‍රවීන සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගෙන් සමග පුහුණු කටයුතු කිරීමට අවස්ථාව උදාවීම තමන් ජීවිතයේ ලත් මහත් භාග්‍යයක් බවයි.
ලක් දු පුතුන් සංගීතවත් කරන හෙළ මියැසි ගී රාවය රාවය අද සවස පහට පැවැත්වීමට නියමිතය.

