ආරාධිත පාසල් පාපන්දු තරගාවලිය 26 වැනිදා සිට


සමස්ථ ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියක් මේ වසරේ ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 10 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
පවර් හෝර්න් සමාගමේ අනුග‍්‍රහය යටතේ හමීඞ් අල් හුසේනියා විද්‍යාලීය 80 වැනි කණ්ඩායම විසින් 6 වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා මේ වන විට අරාධිත පාසල් 16 ක් තම සහභාගීත්වය තහවුරු කර තිබේ.
තරගාවලියේ ශූරතාවය, අනුශූරතාවය සහ තෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායම් වලට අමතරව තරගාවලියේ හොඳම දැළ රකින්නාට, වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගන්නා කී‍්‍රඩකයාට, වටිනාම කී‍්‍රඩකයාට සහ ජනප‍්‍රියම කී‍්‍රඩකයාටද කුසලාන පිරිනැමීමට සංවිධායක කමිටුව සූදානමින් සිටී.
මෙම තරගාවලියට සමගාමීව ප‍්‍රවීණ කී‍්‍රඩකයින්ගේ පාපන්දු තරගාවලියක්ද පැවැත්වීමට නියමිත අතර එ් සඳහා කොළඹ, ජාවා ලේන්, මාලිගාවත්ත, කොම්පඤ්ඤ වීදිය, ආදි කුරේ,  ඕල්ඞ් බෙන්ස්, සුපිරි තරු සහ සනි මවුන්ට් යන ප‍්‍රවීණයන්ගේ පාපන්දු කණ්ඩායම් සහභාගී වෙති.