(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට අද (9) පත් කරනු ලැබීය.
එම කමිටුව ඉන් අනතුරුව වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී
ඊයේ පෙරවරුවේ පළමු වරට රැස්විය.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවැරෙන ප්‍රධාන වගකීමයි.
රාජ්‍ය පරිපාලනය, විගණනය ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ආදායම් කළමනාකරණය සම්බන්ධයෙන් වසර විසිපහකට ආසන්න පළපුරුද්දක් සහිත වෘත්තිකයකු වන වලේබොඩ මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයකු ලෙස මෙන්ම, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කාලයක් කටයුතු කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂවේදී උපාධියක් ලබා සිටින ගාමිණී වලේබොඩ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙක්ද වන්නේය.

