ආර්ථික අමාත්‍යංශයේ යැයි කියන කැබ් රථයක් මඩොල්සීම, කොකාගල වතු නිවසක සඟවා තිබියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය මැතිවරණ සමයේදී ඌව පළාත් සභා සන්ධාන මන්ත්‍රීවරයකු එම කැබ් රථය පරිහරණය කර ඇති බවත් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයෙක්ද නිවෙස් හිමියාද සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

