ආර්.ඩී.ඒ සභාපතිටත් රට ගමන් තහනම්


කටුනායක අධිවේගී මාර්ගය හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිවීමේදී නියමිත මුදලට වඩා වැඩි මුදල් ඇස්තමේන්තුවලට ඉදිරිපත් කළැයිද අනවශ්‍ය විදේශ ගමන් සිදුකිරීමෙන් මූල්‍ය වංචාවක් කළැයිද සැකපිට මහාමාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරිට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද විදේශ ගමන් තහනම් කළේය.

සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට තායිලන්තයට යෑම සඳහා ඔහු අවසර ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.