ආරච්චිකට්ටුව සභාපතිත් රිමාන්ඩ්


හලාවත - කොළඹ මාර්ගයේ ධාවනය වන පුද්ගලික බස් සේවකයන් තිදෙනකුට පහර දුන්නැයි සැකපිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා මහතා ඇතුළු සිව් දෙනකු ලබන 04 වැනි දා දක්වා රිම්න්ඩ් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගසිංහ මහත්මිය නියෝග කළාය.

සභාපති හැර සෙසු සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.