
(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලැබුණු පසු රටේ ආරක්ෂක ක්‍ෂේත්‍රයේ සම්පූර්ණ විපර්යාසයක් කිරීමට රජය බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මෙහිදී ඉදිරිපත් වන සාක්‍ෂි අනුව ජනතාව තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල චකිතයක් ඇතිව තිබෙන බව කී අමාත්‍යවරයා මෙම ඛේදවාචකයට වගකිවයුත්තේ, මුදල් සැපයූවේ හා ආශීර්වාද කළේ කවුද ආදිය සොයා බලා ඔවුන් නීතිය හමුවට ගෙන ඒමට මෙන්ම, අනාගතයේ මෙවැන්නක් නොවීමට අවශ්‍ය සියලු පියවර රජය විසින් ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා රටේ නීති වෙනස් කළ යුතුද? ආරක්‍ෂක ක්‍ෂේත්‍රයේ පරිපාලනය තව ශක්තිමක් කළ යුතුද ආදීය කෙරෙහි අවධානය යොමු කරන බව ද ඇමතිවරයා කීවේය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ කාර්යාලයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

