ආරක්ෂිත පක්ෂින් ළඟ තබාගත් අයෙක් මාට්ටු


( වසන්ත චන්ද්‍රපාල‍)

කිලිනොච්චිය වෙළදපොලේ කරන ලද වැටලීමකදී ආරක්ෂිත පක්ෂින් තබාගෙන සිටි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය කියයි.

මෙම සතුන් අළෙවි කිරීම සදහා ගෙනැවිත් තබාගෙන ඇති බව වනජීවි නිළධාරින් කරන ලද පරීක්ෂණයේදි අනාවරණය කරගෙන තිබේ.

අත් අඩංගුවට ගත් පක්ෂින් අතර  උකුස්සෙක් සහ ගිරා පැටව් අට දෙනෙක් සිටි බව වනජීවි නිළධාරින් සදහන් කරයි. කිලිනොච්චිය වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක චතුර ගුණරත්න මහතා ඇතුලු නිළධාරීන් මෙම වැටලීම සිදුකරනු  ලැබීය.

කිලිනොච්චියේ වනජීවි කාර්යාලයේ නිළධාරින් සහ සහකාර අධ්‍යක්ෂක කාර්යාලයේ නිළධාරින් එක්ව මෙම වටලීම සිදු කළහ.