ශ්‍රී ලංකා වැසියන්ට තමිල්නාඩුවේදී මෑතදී වූ සිද්ධි ගැන ඉන්දියා රජයේ දැඩි අවධානය යොමු වී ඇතැයි ද, ඉන්දියාවට යන එන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ පරිස්‍සම ආරක්ෂාව හා සුඛවිහරණය තහවුරු කිරීම පිණිස සියලු පියවර ගෙන ඇතැයි ද එවැනි පියවර ඉදිරියේත් ගනු ඇතැයි ද, මෑතදී වූ නීතී විරෝධී සිද්ධිවලට වගකිය යුතු සියලු දෙනාට නඩු පැවරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉක්මණින් පියවර ගනු ඇතැයි ද කොළඹ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනය මෙසේ ද කියයි.
‘ඉඳහිට ඇති වන සිද්ධී වලින් ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් ජනතාව අතර පවත්නා සමීප ඓතිහාසික, සංස්කෘතික සහ ශිෂ්ටාචාරමය සබදකම්වල අත්‍යවශ්‍යය අංගයක් වන ශක්තිමක් බැදීම් පිළිබිඹු නොවේ. මෙම යුග ගණන් පැරණි බැදීම් සහ නෑකම් අපගේ සබදතාවල ඇති ශක්තීන් ලෙස දෙරටම සලකයි. ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන ප්‍රධාන මූලාශ්‍ර ය ලෙස පවතින්නේ ඉන්දියාවයි. එමෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලාංකිකයන් 250000කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවට පැමිණියේය. මෙවැනි කාරණාවලදී අප විසින් ගනු ලැබන ක්‍රියාමාර්ග සඳහා මග පෙන්වනු ලබන්නේ මෙම සුවිශේෂී ආකල්පයයි.‘