ආරක්ෂාව ගැන ටියුෂන් දුන් අයගේ වැයික්කියෙත් මිනී මරනවා


(නිමල කොඩිතුවක්කු)

මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී පවා  ඝාතන සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාතාල කල්ලි මැර කල්ලි මිනිමරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි උණ්ඩය බෝම්බය බයිනේත්තුව කඩුව හරහා ජන සමාජය ග්‍රහණයට ගෙන ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.මිනිමරු සංස්කෘතිය නතර කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විසදුම් නැද්ද කියා ප්‍රශ්න කරණ බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

දිනපතා සිදුවන  මිනිමැරුම් ජාතික ආරක්ෂක ගැටලුවක් නැති බවට ආණ්ඩව පැවසුවත් රටේ ජනතාව මිය යනවා නම් එය ජාතික ආරක්ෂක ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජන ජීවිත සුරක්ෂිත කිරීම බවත් එය රට වෙනුවෙන් කරන යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.