රටේ විවිධ ජාතීන් අතර සමගිය හා සංවර්ධනයට ඊර්ශ්‍යා කරමින් බාධා කරන විවිධ බලවේග වරින් වර මතුවන බවත් ඊට සාර්ථක ලෙස මුහුණ දෙමින් රට ඉදිරියට මෙහෙයවන බවත් රට සාමකාමී කිරීමට උදාර මෙහෙවරක් කළ රණවිරුවනට හා ඔවුන්ගේ දූ දරුවනට රජයේ වගකීම නිරන්තරයෙන් ආරක්ෂක සේවා විද්‍යාලය දියුණු කිරීම බව ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවසීය.
වසර දහයක් පිරිම නිමිත්තෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ පැවැත්වෙන ‘දසවසක අභිමන් අධ්‍යාපනික ප්‍රදර්ශනය’ අද (29) කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යලයේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා විසින් විවෘත කැරිණි.
ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිනි ධම්මිකා ජයනෙත්ති මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුහ.
ජායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක