ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය හෙට බාරදෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි  ජන බලවේගය ගෙන එන  විශ්වාසභංග යෝජනාව  කතානායකවරයාට හෙට   බාරදීමට නියමිත බව  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා පැවසීය.

යෝජනාව ගෙන එන්නේ රහුමාන් මහතාගේ  යෝජනාවකට අනුවය.පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නැගෙනහිර පළාත් බාර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ අරුණ ජයසේකර මහතාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවක ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමෙන් එම පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බව මුජිබර්  රහුමාන්  මහතා පාර්ලිමේන්තුවේදී  පසුගියදා පෙන්වා දුන්නේය.

මෙයට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක්  ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී විවේචනය කළහ.