(රංජන් කස්තුරි)
ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අතිශය ගෞරවාන්විත වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් පූර්ණ වගකීමකින් හා අවංකභාවයකින් කටයුතු කරන බවට තමාට විශ්වාස යැයි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපති ජනමාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින්, ඊයේ සහ අද ඇතැම් මාධ්‍ය පළ කළ ප්‍රවෘත්ති වාර්තා වගකීමකින් තොර වේ.
එම ප්‍රවෘත්තිවල පළවූ මෙම පදනම් විරහිත චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරමි.
ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය අතිශය ගෞරවාන්විත වෘත්තිකයින්ගෙන් සැදුම් ලත්, පූර්ණ වගකීමෙන් හා අවංකභාවයෙන් කටයුතු කළ බව මම ඉතා විශ්වාසයෙන් ප්‍රකාශ කරමි.
මෙම අධ්‍යක්ෂ මණ්ඩලය අන්තර් ගත වූයේ ආයෝජන මණ්ඩලයට වෘත්තීයවේදීන් නැවත ගෙන ඒමට උත්සාහ කළ, රටේ ආයෝජන පහසුකම් සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් වලට මග පෙන්වන ලද ගෞරවනීය පුද්ගලයන්ගෙනි.
මට ලැබී ඇති සියලුම වාර්තා වලින් ආයතනයේ කාර්ය මණ්ඩලය මෙන්ම අව්‍යාජ ආයෝජකයින් ඔවුන්ගේ වෘත්තීමය ක්‍රියාවන් අගය කර ඇත. රජයේ ආයෝජන ප්‍රතිපත්ති සහ ආයෝජන මණ්ඩලයේ ප්‍රයත්නයන් නිසා, 2018 දී අනුමත කරන ලද ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවයි.
2017 දී අනුමත වූ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 1.9කි. එවැනි ප්‍රගතියක් අත්පත් කරගත් කාලයකදී මෙවැනි අසත්‍ය මාධ්‍ය ප්‍රකාශ මගින් ආයෝජකයන් නොමග යනු ඇත.