සෑම වසරකම දෙසැම්බරයේ මතුගමට එන වැහිලිහිණියන් මෙම වසරේ නොවැම්බරයේ සිට පැමිණෙමින් සිටී
රාත්‍රි කාලයේ නගරය පුරා විදුලි රැහැන්මත සහ නියෝන් ආලෝකය ඇති ගොඩනැගිලි වල වසා සිටින මෙම වැහිලිහිණියන් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් නගරය පුරා දැකිය හැකි අතර සවස හයට පමණ විදුලි රැහැන් මතට එන මේ ලිහිණියෝ පාන්දර හය පමණ වන විට නැවත ඉගිලී යති
ශ්‍රී ලංකා කුරුල්ලන් හා සත්වයන් පිළිබඳ පර්යේෂණයන්හි නියුතු ආසියා කලාපයේ කුරුළු සංවිධානයේ සභාපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය සරත් කොටගම මහතා මෙසේ පැවසීය
මේ කුරුළු විශේෂය හඳුන්වන්නේ බාන්ස් ස්ලෝවන්ස් (Barnsley)කියලයි මේ අයගේ නිජබිම වෙන්නේපැසිපික් යුරෝපියන් පැත්තේයි වැඩිපුර වාසය කරන්නේ උතුරු ඉන්දියාවේ ඒරටවලයි ඒ පැතිවල ඇතිවෙන ශීත දේශගුණය නිසා මෙයාලා වෙනත් රටවලට පියාසර කරනවා ඒ නිසා මේ අය සංචාරක කුරුළු විශේෂයක් හැටියට තමයි හඳුන්වන්නේ
විශේෂයෙන් ලංකාවේ ඔය මතුගම පැත්තෙත් රත්නපුර පැත්තේත් මේ අය දකින්න ලැබෙනවා ඒකට හේතුව තමයි මේ ප්‍රදේශ දෙකෙහිම දකින්න ලැබෙන සමාන උෂ්ණත්වය
තවත් දෙයක් තමයි අපේ සෑම රටකටම ගැළපෙන උෂ්ණත්වයක් අපේ රටේ තිබීම මේ හේතු සියල්ලම වගේම ආහාර සහ එයාලගේ ජිවන රටාවට අවශ්‍ය පහසුකම් මෙහේ තිබීමත් හේතුවක් වෙනවා