ආයුර්වේද ඖෂධ සංස්ථාවේ මතුව ඇති ගැටළුව නිරාකරණය කිරීම සඳහා විමර්ශන කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනාංශයේ අතිරේක ලේකම් බී.ජී.එස්.ගුණතිලක මහත්මියගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. කමිටුවේ සාමාජිකයින් ලෙස ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිළධාරීන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති හා විමර්ශන නිළධාරීන් ඇතුළු පිරිසක් පත් කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
ගැටලුකාරී තත්වයක් හේතුවෙන් නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පෙර දින (14) වසා දැමිණි. ඒ අනුව මතුව ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පත් කරන ලද විමර්ශන කමිටුවට අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.