(ගම්පහ තිලකරත්න දිසානායක)
ආයුර්වේද වෛද්‍ය ආයතනයන්හි ඩිප්ලෝමාධාරීන් වෙනුවෙන් අද (13) සහ හෙට යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට තිබු ආයුර්වේද ශාස්ත්‍රී වාර්ෂික පරීක්ෂණයට පෙනී සිටීමට යක්කල ආයුර්වේද සිසු සිසුවියන් ඉඩ නොදීම මත එය හතරවන වරටත් අත්හිටුවීමට සිදු විය.
ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මෙම ඩිප්ලෝමාධාරීන් බදවා ගෙන ඇති අතර ඔවුන්ට සායනික පුහුණුවක් නොමැතිව තිබියදී මෙලෙස අවසන් පරීක්ෂණය සඳහා ඉඩදිය නොහැකි බව පවසමින් යක්කල ආයුර්වේද රෝහලෙහි සිසුන් විරෝධය පළ කර සිටියහ.
අවසන් පරීක්ෂණය පැවැත්වීම පිණිස ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් කථිකාචාර්යවරුන් පිරිසක් යක්කල ආයුර්වේද රෝහල වෙත පැමිණ සිටි අතර අද පරීක්ෂණයට පෙනී සිටීම පිනිස විවිධ ප්‍රදේශයන්ගෙන් සිසු සිසුවියන් පැමිණ සිටි අතර අද පරීක්ෂණය නොපැවැත්වෙන බව දැනුම්දීම මත ඔවුන්ට ආපසු යාමට සිදුවිය.



