ආයුර්වේද ඖෂධ සංස්ථාව වහයි


ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත බ්‍රහස්පතින්දා (15) සිට දින නියමයකින් තොරව වසා දමා ඇතැයි එහි සාමාන්‍යාධිකාරී එම්.ජේ.මාරසිංහ මහතා පවසයි.

මේ පිළිබඳ නියෝගය අද(14) සවස මහරගම පොලිසියට බාරදී කිසිදු සේවකයකුට බ්‍රහස්පතින්දා සිට සංස්ථා භූමියට ඇතුළුවීමට ඉඩනොදෙන ලෙස උපදෙස් දී ඇතැයි මහරගම පොලිස්ථානාධිපති උපාලි තලගල මහතා කියයි.

සේවක විරෝධතාවයක් හේතුවෙන් සංස්ථාවේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ දින 80කට පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද (14) දහවල් යළිත් සංස්ථාවට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් දැඩි විරෝධයක් හටගැනීම මීට හේතුව බව කියති. සේවක විරෝධතා මැද ඔවුන් දෙදෙනා පැය 7කට පසු පොලිස් ආරක්ෂාව මැද සංස්ථාවෙන් පිටව ගිය බව ද වාර්තාවේ.