නව රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ සියලු උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන බවට රාජිත සේනාරත්න ඇමැතිවරයා පොරොන්දු වූ බවත් ඒ සඳහා 2015 ජූනි 11 වැනිදා කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවත් නමුත් කිසිදු ආයර්වේද වෛද්‍යවරයකුට රැකියා නොලැබුණු බවත් කියමින් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය අද (5) බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක යෙදුණේය.
රැකියා විරහිතව සිටින ආයුර්වේද උපාධිධාරීන් 750කට රැකියා දෙන්නැයි ඔවුහු ඉල්ලති.