(අංජුල මහික වීරරත්න)
තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන පරිදි කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන සේ ආයුර්වේද පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සෞඛ්‍ය ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

