රුසියාවේ ක‍්‍රස්නොයර්ක්ස් නුවර දරුවන් බලාගන්නා කාන්තාවක් මාස හයක් වයසැති කුඩා දරුවකුට කුරිරු ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් විය. තම දරුවා රාත‍්‍රියේදී නොනවත්වාම හැඬීම ගැන සැක සිතූ මවත් පියාත් අදාල මෙහෙකාරියට නොදැනෙන ලෙස රහසිගතව ආරක්ෂිත කැමරාවක් සවි කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇය පොලිස් අත්අඩංගුවට පත්විය.