තණමල්විල වැල්ලවාය වන්දම දෙමළියේදී කංසා හේනක් වටලන්නට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායෙන් තම සැමියා වන ආමි ලාල් මිය ගිය ආකාරය ගැන පරීක්ෂණ පවත්වන්නැයි තණමල්විල බළහරුවේ ඒ ජී දීපිකා තිදරු මව ජනපතිගෙන් හා ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලයි.
ගංජා හේනකදී වෙඩි හුවමාරුවකින් තම සැමියා මිය ගිය බව සත්‍යක් බවත් ඔහු මරා දමා ඇති බවත් ඇය කියන්නීය.
‘මගේ මහත්තයා දැන් කංසා වවන්නේ නැහැ .ඔහු අක්කර විස්සක වැවක් හදලා හේන් වගා කරනවා.හමුදාවේ සිට ඔහු නීත්‍යනුකූලව ඉවත් වු කෙනෙක්.අපට දරු තුන්දෙනයි.මිනීමරුවන්ට නිදැල්ලේ යන්න දෙන්න එපා‘ .