නිවසේ මෙහෙකාරිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ සිටින ශ්‍රේෂ්ඪාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට ලබන වසරේ ජනවාරි මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රීතී පද්මන් සුරසේන මහතා සිතාසි නිකුත් කළේය.
2015 ජුලි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලානේදී ඇය අපයෝජනය කළ බවට විත්තිකාර කළුහත් ආනන්ද සරත් ද ආබෲට එරෙහිව දණ්ඩ නීතී සංග‍්‍රහයේ 365 අ 2 වැනි වගන්තිය යටතේ නීතීපතිවරයා විසින් චෝදනා ගොනු කළේය.
අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වෛද්‍ය වාර්තා ඇතුළු ලේඛන හයක්ද සාක්කිකරුවන් 21 දෙනකුද ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට එරෙහිව මෙවැනි චෝදනා එල්ල වු ප‍්‍රථම අවස්ථාව මෙය විය.

