නීතිපතිවරයා ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න ජනවාරි මස 11 වනදා ප්‍රකාශ කරන බව අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අද (11) දැනුම් දුන්හ..
සරත් ද ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන්ට වාසිදායක සාක්ෂි වසන් කරමින් නීතිපතිවරයා තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවයි.
සිය නිවසේ මෙහෙකාරියට පහරදී ලිංගික අතවර සිදු කළ බවට චෝදනා කරමින් සරත් ද ආබෲ විනිසුරුවරයාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර ඇත.

