ආබාධිත සෙබළුන්ගේ සිදුවීම සොයන්න කමිටුවක්


ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී සඳුදා (08) ඇති වූ තත්ත්වය සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව නීතිය හා සාමය අමාත්‍යංශය කියයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මේජර් ජනරාල්වරයෙක් සහ පරිපාලන නිලධාරියෙක් පත් කරනු ලැබ සිටිති.

රජයෙන් විසඳුම් දෙන බවට පොරොන්දු වී තිබිය දීත් විරෝධතාවක් පැවැත්වීම, එම විරෝධතාවයට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, ආබාධිත යුද හමුදා සාමාජිකයන්ට පහර දුන් බවට එල්ලවන චෝදනා සහ කළහකාරී තත්ත්වය ගැන මෙම කමිටුවේ දී අවධානය යොමු වනු ඇතැයි කියති.