මත්කුඩු ජාවාරම් කරන බවට සැකකරන ආබාධිත හමුදා සෙබළකු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම් 170ක් සමග අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.
හෙරොයින්වලට වීදි වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වෙතියි පොලිසිය සඳහන් කරයි.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පිට ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 27557 ආර් කේ ජේ ප්‍රසාද්, පොලිස් සැරයන් 7742 මහින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන 40070 කස්තුරි, 35450 ආරියපාල, 47450 බණ්ඩාර යන මහත්වරු කාලයක් තිස්සේ සොයා බලා සැකකරු අත්අඩංගුවට ගත්හ.