ආබාධිත වැඩකාරයා රැකියාවක් සොයයි


මැදවච්චිය , වල්පොල ගමේ පදිංචි ඩී.එල්.උපුල් රංජිත් (26) තරුණයා උපතින්ම ආබාධිතය.අසනීප තත්වයේ පසුවන සිය පියා,මව,කිරි අම්මා,සීයා හා ඉගෙනුම ලබන නැගණිය ජිවත් කරවීම සදහා ඔහු රැකියාවක් සොයා රට වටේ ගමන් කරයි.ආබාධිත නිසා තමන් ප්‍රතික්ෂේප වන බව කියයි.

කොළඹ ප්‍රදේශයේ පරිගණක ආයතනයක සේවය කළ උපුල් ට එම රැකියාව අහිමි වී ඇත්තේ එම ආයතනය වසා දැමීම නිසාය.සා පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත.පරිගණක දැනුම,ප්‍රින්ටින්,චිත්‍ර කලාව.ගිණුම් කරණය ආදී හැකියා ඔහු සතුව ඇත.එමෙන්ම ඔහුට අසාමාන්‍ය හැකියාවන් රැසක්ද ඇත.ලංකාවේ කැරම් සුරයන් අතර සිව් වැන්නාද ඔහුය.කඳු නඟින්න.ගස් නඟින්න.බල්ටි ගහන්න.අත් දෙකෙන් ඇවිදින්න ආදී හැකියා ද රැසකි.උපුල් කියා සිටින්නේ තමන්ගේ හැකියාව බලා පවුල ජිවත් කරවීමට රැකියාවක් දෙන ලෙසය. තමන් කෙසේ හෝ අරමුණ ඉටු කරගන්නා බව කියයි.

ඔහුගේ ලිපිනය: ඩී. එල්. උපුල් රංජිත්,නො 01 , වල්පොල, මැදවච්චිය. දුරකථන අංකය  076 9655163 හෝ 071 2815934

DSC00805 DSC00822 DSC00825 DSC00835 DSC00837 DSC00840 DSC00841 DSC00844 DSC00847 DSC00850 DSC00876