ආබාධිත රණවිරුවන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදෙන බවට දුන් පොරොන්දුවට මාස තුනක් ගතවුවද විසඳුමක් නොමැති බව කියමින් ත්‍රිවිධ හමුදා ආබාධිත සෙබළු හා පොලිසියේ පිරිසක් අද (31) කොළඹ ලෝටස් පාර අවහිර කරමින් විරෝධය පළ කරති.
ජනපති ලේකම් කාර්යාලයට යෑමට අවශ්‍ය බව කියමින් ඔවුහු මාර්ගය හරස් කරගෙන සිටින අතර මාර්ගයේ ගමනාගමන කටයුතු මේ හේතුවෙන් ඇණ හිට ඇතැයි පොලිසිය පවසයි.
මේ සඳහා කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ උපවාසයක් අරඹන බවද ඔවුහු කියති.