ආබාධිත රණවිරුවන්ගේ යෝජිත විශ්‍රාම වැටුප පොරොන්දු වූ පරිදි ලබා නොදුන් බව කියමින් කොළඹ කොටුව ඕල්කට් මාවතේ සඳුදා (31) ආරම්භ කළ විරෝධතාවය අදත් පැවැත්විණි.
රජය අතුරු දීමනාවක් ලෙස තම විශ්‍රාම වැටුප ලබාදීමට යෝජනා කර ඇති බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කී රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක යූ.ඩී.වසන්ත මහතා පැවසීය.
තමනට හිමි සේවා විශ්‍රාම වැටුප ලබාදෙන ලෙසත් ඒ වනතුරු තම විරෝධතාව අවසන් නොකරන බවත් ඔහු කීවේය.
ඡායාරූප ළහිරු හර්ෂණ
විඩියෝ - මනෝජ් හර්ෂික