තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා (31) විරෝධයක් ඇරඹූ ආබාධිත රණවිරුවෝ අදත් (1) කොළඹ ඕල්කට් මාවත හරස් කරමින් සිය විරෝධය පළ කරති. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ද අඩාලවී ඇතැයි පොලිසිය කියයි.
තමන්ගේ විරෝධයට සහාය පළ කරමින් කෑම බීම ලබාදුන් පිටකොටුව මැනිං වෙළඳපොළේ ව්‍යාපාරික ප්‍රජාවට සිය ස්තූතිය පළ කරන බවද විරෝධතාකරුවෝ කියා සිටිති.
පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා ද එම ස්ථානයට පැමිණ සිටී.












