(උපුල් හේරත්)
මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේ නිවසක තනිව සිටි ආබාධ සහිත කාන්තාවක ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වන පියවර ,දොරමඩලාව, මිහින්තලේ ලිපිනයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි විජේසිංහ (49) යන ආබාධ සහිත කාන්තාවකි .
මෙම ආබාධ සහිත අවිවාහක කාන්තාව සහ ඇගේ මව එකම නිවසක පදිංචිව සිටින අතර, ඇගේ මව පෙරේදා 29 නිවසින් බැහැරව ගොස් ඇත්තේ කුලී වැඩක් කිරීම සඳහාය.
නැවතත් එදින සවස් කාලයේ මව නිවසට පැමිණෙමින් සිටියදී නිවස තුළ නාඳුනන අයකු සිටින අයුරැ දැක ඇත. ඔහු හා සමඟ ඇති වූ සුළු බහින් බස් වීමකින් පසු මව විසින් අසල්වාසි හිතවත් අයට ඒ බව දැනුම් දී ඇත .
මෙම සිද්ධිය දැන ගත් ප්‍රදේශවාසීන් එම නිවසට පැමිණ එම සැකකාර පුද්ගලයා අල්ලා ගෙන මිහින්තලේ පොලීසියට බාර කර ඇත
ඒ අතර තුර නිවසේ ඇඳක් තුළ ආබාධ සහිත දියනියගේ සිරුර නිරුවතින් හමු වි ඇත.

