ආපන ශාලාවකට ගිනි තියලා


යකල්ල නගරයේ ආපන ශාලාවකට ගිනි තැබූ බව කියන පාසල් ගුරුවරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි.

මේ දෙදෙනා කෑම ඇණවුම් කර ඇති බවත් කෑම සකස් කරන අතරතුර එක් ගුරුවරයකු ආපන ශාලාවේ තිබු කැරට් අලයක් සොරා ගත් බවත් ආපනශාලා ශාලා හිමියා පොලිසියට කියා ඇත.එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති අතර ගුරුවරුන් දෙදෙනා ඉන් පිටව ගොස් ඇත.

පසුදින අලූයම ආපන ශාලාවට කිසියම් පිරිසක් ගිනි තබා ඇති බවත් එම ගුරුවරුන් දෙදෙනා ගිනිතැබීම සිදුකළ බවට තමන් සැකකරන බවත් ආපන ශාලා හිමියා පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.