ආපදාවෙන් බැටකෑ ආගමික තැන් ගොඩනගන්න රජයෙන් උදව්වක්


(අංජුල මහික වීරරත්න)

ආපදාවෙන් බලපෑමට ලක් වූ ආගමික ස්ථාන පිරිසිදු කර එම ආගමික ස්ථානවල කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහාය වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති සියලුම ආගමික ස්ථාන පිරිසිදු කර, එම ආගමික ස්ථානවල කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සහන ලබා දීම යෝග්‍ය බවට රජය තීරණය කර ඇත.

 ඒ අනුව, එම ආගමික ස්ථාන පිරිසිදු කර යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුපියල් 25,000 ක දීමනාවක් ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වෙත වෙන් කර දීමටත් මුදල්, ක්‍රම සපාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.