ආපදාවෙන් කොටු වූ මී මුරේට යන්න වෙනත් පාරක් හොයයි


(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කිලෝ මීටර් 34 දුර ඇති හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය ස්ථාන කිහිපයකින් බරපතල ලෙස නාය යාමට ලක්ව ඇති බැවින් මීමුරේ ගම්මානයද ඇතුළුව ග්‍රාම සේවා වසම් 05 ක ජනතාව කිසිවක් කරකියා ගැනීමට නොහැකිව කොටුවී සිටින බැවින් මෙම ගම්මානයට ප්‍රවේශ වීමේ විකල්ප මාර්ගයක් ලෙස ඇති තෙල්දෙනිය තංගප්පුව මාර්ගය හරහා අට්ටලවෙට්ටුව මාර්ගය නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ගන්නා ලද තීරණයකට අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් අදාල ලිපිය අවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයා වෙත යොමු කොට තිබේ.

(ඡායා ජේ.ඒ.එල්.ජයසිංහ)