
(අංජුල මහික වීරරත්න)
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වී සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින දරු දැරියන් සහ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින්, 'Clean Sri Lanka' වැඩසටහන යටතේ සංවිධානය කරන 'Beyond Recovery' දීපව්‍යාප්ත වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල මහා විද්‍යාලයේ සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම 'Beyond Recovery' සමාරම්භක වැඩසටහන පැවැත්විණි.
මේ වන විට මොරහෙල මහා විද්‍යාලයේ පවුල් 118 කට අයත් පුද්ගලයෝ 279 දෙනෙක් සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ පවුල් 101 ක සාමාජිකයෝ 288 දෙනෙක් තාවකාලිකව රැඳී සිටිති.



