ආපදාවලින් මරණ 10 ක්


(නිමල කොඩිතුවක්කු)

දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් මරණ 10 ක් සිදුවී තවත් 7 ක් තුවාල ලබා ඇතැයි  ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

අධික වැසි, තද සුළං සහ ගස් කඩා වැටීම අකුණු අනතුරු සහ ජල ගැලීම් ඇතුලු ආපදා තත්වය දිස්ත්‍රික්ක 12 කට බලපා ඇතැයිද එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ හේතුවෙන් පවුල් 737කට අයත් පුද්ගළයින් 2617ක් පීඩාවට පත්ව ඇතැයිද ඔහු සඳහන් කළේය.ආපදා තත්වය හේතුවෙන් නිවාස 3කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 242කට අර්ධ හානි සිදුව ඇති බවත් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ වනවිට පුවුල් 19කට අයත් පුද්ගළයින් 67ක් ආරක්ෂිත ස්ථානවල රඳවා ඇතැයිද ඔහු සඳහන් කළේය. අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, සහ ගං වතුර ඇතුළු තත්වයන් හේතුවෙන් මෙම බලපෑම් එල්ල වී ඇතැයිද ඔහු පැවසීය.