ආපදාවට සහන දුන් හැටි නිපෝලි සමාජ ක්‍රියාකරු කියයි


ශ්‍රී ලංකාවට ඉකුත් දිනවල පැවැති ආපදාවට ලක් වූ ලාංකිකයනට සහන සැලසීමේදී හිතවතුන්ගේ සහාය ඇති ව විශාල වශයෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් තමන් ද ආධාර දුන් බව ඉතාලියේ නාපෝලිහි වෙසෙන සමාජ ක්‍රියාකරුවෙක් පවසයි.

ගංවතුර සහ නායයෑම්වලට ගොදුරුවී ඇති දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය කෑම බීම, බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම් හා අනෙකුත් අවශ්‍ය සහන සැලසීමට දායක වූ බව ඔහු කියා සිටියි.

ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු ඒ බව කියා සිටියේය.