ආපදාවක් නැති පළාත්වල ලංගම වැඩ


(යොහාන් භාසුර)

මගී ප්‍රවාහන බස් ආපදාවට පත්ව නොමැති සියලුම ප්‍රදේශවලට ඊයේ (1) දිනයේ ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ නියාමනය කරන ආයතන පැවසීය. දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ද අද පස්වරුව වන විට තව දුරටත් වැඩි කිරීමට දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පැවසුවේලංකා ගමනාගමන මණ්ඩලයේ පස් රථ 3,000 ක් පමණ අද ධාවනය කළ බවත් ආපදාවට පත්ව ළගාවීමට නොහැකි ප්‍රදේශ හැර සෙසු සියලුම ප්‍රදේශවලට බස් රථ ධාවනය කළ බවත්ය.

කොළඹ සහ මහනුවර අතර බස් රථ ධාවනය කෙතාළඹ සිට කුරුණෑගල එතැන් සිට මහනුවර ලෙස බස් ධාවනය කළ බව කී සජීව කනකරත්න මහතා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්ව දුම්රියෙන් අඹේපුස්සට එන මගීන් කුරුණෑගල දක්වා ප්‍රවාහන කරන බව ද සඳහන් කළේය. ආපදාවට පත්නොවූ ප්‍රදේශවල බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කළ බවත් ආපදාවට පත්වූ ප්‍රදේශවලට සහ මාර්ග විනාශ වූ ප්‍රදේශවලට ද බස් ධාවනයට අවසර ලැබුණු විඟස ධාවනය ආරම්භ කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

පළාත් අතර දුරගමන් සේවා පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ආපදා නොවූ ප්‍රදේශවල ඊයේ දිනයේ ධාවනය කළ බව ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.