

(සුජිත් හේවාජුලිගේ )
කාලගුණ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ අනුව මෙම සිද්ධියද පාස්කු ඉරු දින ප්‍රහාරයට සමාන බව ඔහු සඳහන් කළේය.
මෙම විනාශය පිළිබඳව කාලගුණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කල්තියා ආණ්ඩුවට දැනුම් දී තිබූ බවත් ඒ අනුව ආණ්ඩුව ප්‍රධාන ජලාශවල ජලය ක්‍රමානුකූලව අඩුකර තිබුණේ නම් මේ තරම් විනාශයක් නොවනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
බොහෝ ජලාශවල වාන් දොරටු හිතුමතේ එකවර විවෘත කිරීම හේතුවෙන් ආපදාව වඩාත් භයානක තැනකට ගිය බවද ඔහු පැවසුවේය

