ආපදා වලට මුහුණ දෙන හැටි උගන්වයි


ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සහ  ගම්පහ ආපදා කළමනාකරණ කාර්යාලය  එක්ව හදිසි තත්වයන්ට මුහුණ දීම සඳහා පෙරහුරු කිහිපයක් අද ගම්පහ නගරය කේන්ද්‍ර කරගෙන  සිදු කළේය.

ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලය  හදිසි අවස්ථාවකදී  වෛද්‍ය ප්‍රථිකාර  කරන අයුරු ද,  ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු  හදිසි ගින්නනදී කටයුතු කරන  ආකාරය  පිළිබඳවද පෙරහුරු වැසටහන් කළහ.

ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ  වෛද්‍ය සුදත් ධර්මරත්න,  ආපදා කලමනාකරණ පස්චාත් පුහුණු  නිලධාරී ප්‍රභාත් බණ්ඩාරනායක හා ගම්පහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂක අජිත් නිශාන්ත යනු නිළධාරීහු  එක්ව මෙම  වැඩසටහන මෙහෙයවුහ.

 

   20141121_105625  20141121_105848 20141121_110034 20141121_110536(2) 20141121_111930

ඡායාරූප තිලකරත්න දිසානායක

  DSCF2407   DSCF2410 DSCF2411  DSCF2425  (ඡායාරූප දීපා අදිකාරි)