ජල ගැල්මෙන් හා නාය යාමෙන් හානි වූ පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි වහා ඉදි කිරීමට යුද හමුදාවට බාර දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.
ඒ අනූව ටෙන්ඩර් කැඳවීම් වැනි ක්‍රියා මාර්ග අවශ්‍ය නොවන බව ද ජනපති පවසයි. අවතැන් වූ සියලු දෙනාටම කඩිනමින් සහන සැලසීමට මුදල් සපයන බව ද ජනපති සඳහන් කරයි.