ආඳා පණ පිටින් එළියට ගනියි


මත්පැන් බොමින් සිටි චීන ජාතිකයකුගේ අධෝ  මාර්ගයෙන්   ඇතුළු කර ගත් ආඳකු බඩ ඇතුළේ දඟලද්දී පැය කිහිපයක සැත්කමකින් පසු චීන ජාතිකයාගේ ජීවිතයට බේරා ගත හැකි වූ බව චීන වෛද්‍යවරු කියති.

ආඳාද පන පිටින් එළියට ගත් නමුත් වැඩි වේලාවක් ජීවත් වූයේ නැත.

ආඳා ඔහුගේ බඩ ඇතුළට රිංගද්දී දැඩි ලෙස අභ්‍යන්තර ලේ වහනය වීමත් සමග චීන ජාතිකයා රෝහලට ගෙන යනු ලැබීය.

හෙළුවැලි චිත්‍රපටයක් බලමින් එය අනුකරණය කරද්දී ආඳා අස්වාභාවික මාර්ගයෙන් ගමන් කර ඇත.

මීට පෙරද අඟල් හයක් දිගැති ආඳකු චීන ජාතිකයකුගේ ජනනේන්ද්‍රියෙන් මුත්‍රාශයට ඇතුළු වී ඇත.

නරක්වූ සම මාළුන් ලවා ඉවත් කිරීමේ මත්ස්‍ය චිකිත්සාවට ආඳකු යොදා ගනිමින් සිටියදී ඔහු එම අකරතැබ්බයට මුහුණ පෑවේය.

පැය තුනක සැත්කමකින් පසු එම ආඳ පැටියා මළ කුණක් සේ අරගෙන ඇත.

වහාම රෝහලට ගිය ඔහු වෛද්‍යවරුනට පැවසුවේ ‘ආඳා බඩේ දඟලනවා, මට ඉක්මනින් උදව් කරන්න‘ යනුවෙනි.

ආඳා බඩේ සිටින බව එක්ස්රේ වලින් පෙනේ. අඟල් විස්සක් දිගැති කිලෝ භාගයත් බරැදි ආඳා ගැනීමට වෛද්‍යවරු පැය ගණනක් සටන් කළහ.

‘බඩ ඇතුළේ සිටි ආඳා එළියට යෑමට උත්සාහ කළ බව පෙනුනා. ආඳාගේ දත් ඉතා තියුණු නිසා මිනිසාගේ බඩවැල් හපා කෑවේ නම් තත්ත්වය බරපතල විය හැකි‘ බවත් වෛද්‍යවරු කීහ.

පොලීසිය පැවසුවේ ‘සිදුවූ දේ අපි දන්නවා. සත්ත්ව හින්සාව යටතේ ඔහුට විරුද්ධව නඩු දානවා‘.