ආනා පුංචිහේවා ගොල්ෆ් මුල් පුටුවට
කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ආනා පුංචිහේවා මහතා ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ සභාපතිවරවයා ලෙස පත්ව සිටී. ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ (30 වැනිදා) කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ ශාලාවේදී පැවැති අතර එහිදී ගොල්ෆ් සංගමයේ නව ලේකම් වරයා ලෙස දිල්හාන් අබයරත්න මහතා තේරි පත්විය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන දිනාගත් 1996 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ පුංචිහේවා මහතා වසරක පමණ කාලයක් ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ ලේකම් ධූරය දැරීය.
ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමයේ නව නිලධාරි මණ්ඩලය
සභාපති - ආනා පුංචිහේවා මහතා
උප සභාපති - ලාල් ඩයස් මහතා
ලේකම් - දිල්හාන් අබේවර්ධන මහතා
භාණ්ඩාගාරික - ග්ලෙන් මැතිව් මහතා
කාරක සභාව - පි‍්‍රයත් ප‍්‍රනාන්දු, නිමල් රත්නායක, කෙන් ද අල්විස්, මයිකල් මංගල පෙරේරා, රනිල් පීරිස්, නිලූ ජයතිලක, ජී. වී. තිසේරා, මේජර් ජනරාල් ශී‍්‍රනාත් රාජපක්‍ෂ සහ නිහාල් කැප්පෙටිපොළ යන මහත්වරු
ආරාධිත සාමාජිකයෝ - කපිල ජයම්පති සහ ප‍්‍රසන්න රණසිංහ යන මහත්වරු

