ආනවිලුන්දාව රැම්සා භූමියේ ගින්නක්


( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආනවිළුන්දාව රැම්සා අභය භුමියේ ඇතිවු ගිනි ගැනිමකින් අක්කර දෙකකට ආසන්න භුමියක් විනාශ වි ඇති බව වනජීවි නිළධාරීන් පවසයි.

කිසිවකු විසින් මෙලෙස ගිනි තැබිම කර ඇති බවට සනාථ වන බවත්  පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ආනවිළුන්දාවේ තෘණ බිම් මේ වනවිට සම්පුර්ණයෙන්ම මැරී යාම නිසා ගින්න කඩිනමින් පැතිරි යාම සිදුව ඇති බවද වනජීවි නිළධාරීන් පවසයි.

ගිනි ගැනිම වාර්තා විමත් සමග එම ස්ථානයට ගිනි නිවන ඒකක පැමින තිබු නමුත් ආනවිළුන්දාව මායිමේන් ගමන් කරනු ලබන දුම්රිය මාර්ගය හේතුවෙන් ගිනි නිවන රථ හෝ බවුසර් අභය භුමිය තුළට ගැනිමට හැකියාවක් නොමැති විම නිසා වනජීවි නිළධාරීන් හා තවත් පිරිසක් එක්වි මහත් පරිශ්‍රයක් දරමින් ගින්න නිවා දැමිමට කටයුතු කර තිබුණි.

පවතින වියළි කාළගුණය හමුවේ මෙලෙස රැම්සා තෙත් බිම ආරක්ෂා කර ගැනිමට සියලු දෙනා උදව් කරන ලෙසත් මෙම අභය භුමිය ආසන්නයෙ හෝ වෙනත් ස්ථානයක ගිනි තැබිම් නොකරන ලෙසත් වනජීවි නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නට විය.

යම් කිසි හේතුවකින් ගිනි ගැනිම් නැවත නැවත සිදුවුවහොත් රැම්සා අභය භුමියෙ සැරිසරන කුරුල්ලන් ඇතුළු සතුන්ගේ කුඩූ හා බිජූ දැමු ස්ථාන විනාශ විම සිදුවන බවත් ඒ ගැන දැඩි අවධානය යොමු කර ගිනි තබන්නන් පිළිබදව නිසි අවධානය යොමු කරන ලෙසට ද වනජීවි නිළධාරීන් ඉල්ලා සිටින්නට විය.