ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා පැනවු බදු අහෝසි කරයි


(රංජන් කස්තුරි)

 

ආනයනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා අලුතින් පැන වූ සියයට 30 සෙස් බද්ද අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා කිලෝවක වටිනාකමින් සියයට 30ක් හෝ රුපියල් 300ක් හෝ යන දෙකෙන් වැඩි එක සෙස් බද්ද ලෙස අය කෙරුණු අතර අද සිට එය අහෝසි කර තිබේ.

සෙස් බද්ද ඉවත් කිරීමත් සමඟ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා අය කළ බදු ප්‍රතිශතය සියයට 102 සිට සියයට 70 දක්වා අඩු වී ඇත.

කෙසේ වෙතත් ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා තවදුරටත් සියයට 15 වැට්බද්ද සියයට 7.5 වරාය ගාස්තු හා සියයට 2 ජාතිය ගොඩනැගීමේ බදු අයකරන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.