ආනයනික රෙදිපිළි මත වැට් බද්ද සියයට 10කින් පහළට


(රන්ජන් කස්තුරි)
 
ආනයනික රෙදි පිළි මත පනවා තිබූ වැට් බද්ද සියයට 10කින් අඩු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව ආනයනික රෙදි පිළි මත පනවා තිබූ සියයට 15 වැට් බද්ද අද(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 5 දක්වා අඩු කරන    බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
 
රෙදි පිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් සලකා බලා වැට් බද්ද පහත දමන බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.